Spread the love

තංගල්ල නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගත් සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (27) රාත්‍රි යේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හතර දෙනා ලග තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 2250 ක් 1160 ක් 1190 ක් සහ 1220 ක් සොයාගත් බවද පොලිසිය කියයි .

මෙම සැකකරුවන් හෙරොයින් මත්ද්‍රව්‍ය මිළදී ගැනිමට තංගල්ල ප්‍රදේශයට පැමිණි විට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙලෙස අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් අද (28) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න ,තංගල්ල සහකාර පොලිස් අධිකාරි (1) එච්.ඩබ්.උදය කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් මෙම වැටලීම සිදු කළහ.