Spread the love

2025 නව වසර උදාව නිමිත්තනේ හෙට (31) දිනයේ ගාලු මුවදොර පරිශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එහි සඳහක්ව ඇත්තේ හෙට දිනයේ කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බවය.මේ හේතවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඥවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බවය.ඒ අනුව හෙට දින ගාලු මැද පාර පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියලුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලමුම් කර තිබේ.