වැඩ බලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරිද මෙල් මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මත්ද්‍රව්‍ය ඇතුලු පහත දේපල සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන සේනානායක මාවත, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.