Spread the love

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් අද (23) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් 04 දෙනෙකු හිමිනමට වෙඩිතබා පලා ගොස් තිබේ.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබු හිමිනම ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් අපවත් වී ඇති බව පොලීසිය කරයි.

මෙලෙස අපවත්වී ඇත්තේ 45 හැවිරිදි, කළපළුවාවේ ධම්ම රතන නැමති කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් බව පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.