දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනකු මෙසේ රෝහල් ගත කර ඇතැයි මිහින්තලය පොලිසිය සඳහන් කරයි.
මිහින්තලය නගරයේ පිහිටි ආපනශාලාවක් තුළදී රජරට විශ්ව විද්‍යාල සිසුවකු සමග බහින්බස්වීමක් දුර දිග ගොස් මෙම ගැටුම ඇති වී තිබේ.
බහින්බස්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හිටපු මන්ත්‍රීවරයාට පහර දී තිබේ.