හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳව තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
වසර 05ක කාලය තුළ තමා විසින් රුපියල් මිලියන 384ක් වියදම් කර ඇති බවට පෙනී ගියද, ඇතැම් රාජ්ය නායකයන්ගේ මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
2015 සිට 2019 දක්වා තමා විසින් කරන ලද විදේශ සංචාර සියල්ලම සඳහා තමා සහභාගි වූයේ තමාට ලද ආරාධනා අනුව, රාජ්ය සංචාර හා නිල සංචාර වශයෙන් බවත්, එම සෑම සංචාරයකදීම රටේ ජනතාවට වාසියක් වන ආකාරයේ ගිවිසුම් 300කට වඩා අත්සන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් සඳහන් කරයි..
එම සංචාර කිසිසේත් තමාගේ විනෝදයට ගිය ඒවා නොවන බවත්, තමා විසින් සිදුකර ඇති නිල විදේශ සංචාර සඳහා වැය වූයේ යැයි ප්රකාශ කර ඇති රුපියල් මිලියන 384ක මුදලට වඩා එම නිල සංචාරවලදී රටට ලැබුණු ආර්ථික වාසිය රුපියල් කෝටි සිය ගණනකට වඩා විශාල බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන වැඩිදුරටත් ප්රකාශ කර තිබේ..
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
