Spread the love

හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි.

ඒ අනුව දශක ගණනාවක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම ශෙහාන් සේමසිංහ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයින් ද මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා, සහන් ප්‍රදීප්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සී.වී. විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ප්‍රියකංර ජයරත්න, නෂීර් අහමඩ්, සම්පත් අතුකෝරළ, ගෙවිඳු කුමාරතුංග සහ සුදත් මංජුල ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර ඇති බවයි වාර්තාවෙයි.