Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් නිිති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්737 වටලා රුපියල් හැටපන්ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශ වල ගතවු මාස හයක කාලයක් තුළ කළ මෙම සෝදිසි මෙහෙයුම් වලදී ගංජා වැටලීම් 344 ක්ද, හෙරොයින් වැටලීම් 225ක්ද, බදු නොගෙවු සිගරැට් වැටලීම් 25 ක්ද, බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණීම් 18 ක්ද ,සීමාව ඉක්මවා රජයේ අරක්කු ලග තබා ගැනීම් 1 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 9 ක්ද, කොකේන් සම්බන්ධයෙන් වැටලීම් 3 ක්ද සිදු කළ බව කොළඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රුපියල් විසි එක්ලක්ෂ පනස්දහසක දඩ ආදායමක් රජයට ලබා දීමට සුරාබදු නිලධාරිීන් සමත්වි ඇත.
සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා ,සුරාබදු අධිකාර නීල්ද අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ ,පරීක්ෂකවරුන්වන හේරත් , සිරිගුප්ත,චින්තක, රණවක, දිසානායක ,සැරයන් මේජර් පි.කේ.පෙරේරා,සැරයන් විජේසේකර ,කෝප්ප්‍රල් වරුන් වන බන්ඩාර,කුමාර ,රාමනායක,ජයකොඩි ,නුගේතැන්න, චන්දුසේකර ,බස්නායක කුර්ප්පු,රත්නකුමාර, විදුසත් , අනොජන් ,නියාමිකා ප්‍රනාන්දු, නියාමකවරුන් වන විජේවර්ධන ,අල්විස්, මානවඩු, රියදුරු නිමල් ,.අසංක යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.