Spread the love

හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් මතු වුවහොත් එහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.

ඉරානයේ ප්‍රතිචාරය මත එය තීරණය වනු ඇති බව එහිදී පැවසීය.

එම ගැටුම් උත්සන්න වන ප්‍රමාණය මේ මොහොතේ නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකිය.

එලෙස ගැටුම් ඇතිවුවහොත් ඉන්ධන ආනයනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවෙයි.

එය ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් සඳහා දැඩි ලෙස බලපෑම් එල්ලකරනු ඇතිබව පැවසීය.

තෙල් ප්‍රවාහන කරන මුහුදු මාර්ග එහිදී වසා දැමුවහොත් එම තත්වය තවදුරටත් උත්සන්න වනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.