Spread the love

කළුතර, ගාල්ල, කොළඹ, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් උතුර යන ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම් වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 05 දෙනෙකු සහ ඔවුන්ට සම්බන්ධ තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සැකකරුවන් සහ සැකකාරියන් ගණන 439ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.