Spread the love

සේවිකාවකගේ නුවනැති ක්‍රියාවක් නිසා සිය උගස් ආයතනය කොල්ල කෑමට පැමිණි දෙදෙනකු පලාගිය පුවතක් මොරටුව පොලිසියෙන් වාර්තාවෙයි.
සිද්ධිය වී ඇත්තේ අද උදෑසන කාලයේ මොරටුමුල්ල ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයක් යතුරු පැදියකින් පැමිණ දෙදෙනකු කොල්ල කෑමට උත්සාහ කර තිබේ.

ආයතනයේ ආරක්ෂක නිලධාරියාව බියකර තවත් අයෙකු බෝතලයක් වැනි දෙයකින් එහි සේවිකාව බියගන්වා ඇති අතර වහාම ක්‍රියාත්මකවි පොලිස් ස්ථානවල දැනුම්දෙන සීනුව නාද කර තිබුණි.

අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

මොරටුමුල්ල පොලීසිය සිද්ධිය පිළිබද වැඩි දුර විමර්ශස සිදු කරයි.