Spread the love

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බවත් රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බවත් ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සදහන් කරයි.

ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවද වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා වැඩි දුරටත් පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

“සාමාන්‍යයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්,විශේෂයෙන් නහය සිරවීම,වතුර ගලන ගතිය, උගුර ඉදිමෙන ගතිය, කැස්ස සෙම සමග උණ වගේ රෝග ලක්ෂණ තියනව නම් ගොඩක් වෙලාවට ඒක ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාත්මික තත්වයත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේකට බලපාන්නේ ක්ෂුද්‍ර ජීවින්. ක්ෂුද්‍ර ජීවින් ⁣වර්ග ගොඩක් ඉන්නවා. ඒ ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් ඉහත ලක්ෂණ ඇති කරන්න පුලුවන්. සමහර අයට මේක සුලු ආබාධයක් වෙන්න පුලුවන්. ඒත් සමහර අයට ඒක නිව්මෝනියා වගේ දරුණු තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න එක වැදගත්.”