Spread the love

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සෙම රෝගයට ප්‍රතිකාර ලබාගත් තරුණයකු එම ඖෂධ පානය කිරීමෙන් පසු අසාධ්‍යව මියගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කලල්පිටිය පාර, උකුවෙල පදිංචිව සිටි විසි අට හැවිරිදි තරුණයෙකි. ඔහු ඉකුත් 19 වැනිදා උකුවෙල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් සෙම රෝගයට ඖෂධ ලබාගෙන ඇති අතර, ඒවා පානය කිරීමෙන් පසු හුස්ම ගැනීමට අපහසු වීම ඇතුළු ශාරීරික අපහසුතා කිහිපයක් ඇතිව තිබේ. මාතලේ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණයා මියගොස් ඇත.

මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ රෝහලේදී පැවැත්වූ අතර, එහිදී ලබාදී ඇත්තේ විවෘත තීන්දුවකි.

ඒ අනුව මෘත දේහයේ කොටස් හා ඔහු විසින් භාවිත කරන ලද ඖෂධ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට වැඩිදුර වාර්තාවක් ලබාගැනීමට නියමිතය.