Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන කණ්ඩායමේ නාම යෝජනා අත්සන් කිරීම අද (15) එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණ.

එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා;

“අද අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කිරීම ආරම්භ කළා. බලාපොරොත්තු වෙනවා දහඅට, දහනමය දෙදින තුළ කොළඹ දිස්ත්‍රික්කයේත්, රට පුරාමත් නාම යෝජනා භාර දෙන්න. පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනපද පෙරමුණේ නමින් හා පැන්සල ලකුණෙන්.”

ප්‍රශ්නය: එක්සත් ජනරජ පෙරමුණ සමස්ත දිවයිනට ම තරග කරනවාද පළාත් පාලන ආයතන වලට?

පිළිතුර: සමස්ත දිවයිනේ ම දිස්ත්‍රික්කවලට තරඟ කරනවා. තෝරා ගත් පළාත් පාලන ආයතන ගණනාවකට.

ප්‍රශ්නය: ඒ කියන්නේ හැම පළාත් පාලන ආයතනයක්ම නියෝජනය වෙන් නැද්ද?

පිළිතුර: ඔව්. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන මහ නගර සභා, මහනුවර මහ නගර සභාව, ගාල්ල මහ නගර සභාව, කොළඹ මහ නගර සභාව වගේ තැන්වලට තරඟ කරනවා. තවත් සමහර තැන්වල තරඟ කරන්නේ නැහැ. ඉතින් අපි අපිට ශක්තිය තියෙන, පළාත් පාලන ආයතන ගණනාවකට මෙවර මැතිවරණයේ දී, ප්‍රථම වතාවට එක්සත් ජනරජ පෙරමුණ නමින් තරඟ කරනවා.