Spread the love

අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුර ගැන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර පෙන්වා දෙන්නේ.

අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්‍රිත අතු ගංගාවලද පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකවම වර්ධනය විය හැකි බවද ඔහු සඳහන් කරයි