Spread the love


ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර අද සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට 08 දිනයේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇති වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.