Spread the love

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් අද දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව පවසයි. .

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ත් 60ත් අතර තද සුළං ද ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.