Spread the love


නිමල් රාජපක්ෂ-

කොටුගොඩ ප්‍රදේශයේ සුවිසල් නිවසක මහා පරිමානයෙන් පවත්වාගෙන ඟිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල්  හයලක්ෂයක් පමණ වටිනා මත්පැන්තොගයක් සමගින් එක් සැකකරුවකු ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු ස්ප්‍රීතු ලීටර් 555 ක් බැරල් 10 ක් පෙරණ උපකරණ තොගයක් සොයා ගත් බව ජාඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලා රසික විජේසිංහ මහතා පවසයි.
සැකකරුවන් කිසිවකුටත් සැකනොසිතෙන අයුරින් ඉතා රහසිගතව මත්පැන් නිෂ්පාදනය කොට ජාඇල මීගමුව ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදාහරින බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවි තිබේ.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සමගින් සැකකරු ඉදිරියේදි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ( නී. ක්‍රි. ) තිස්ස කුමාර , සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා යන මහතුන් ගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාරි ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ,ජාඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලා රසික විජේසිංහ මහතාගේ අධීක්ෂණයෙන් , සුරාබදු පරීක්ෂක රසික වීරසිංහ , සුරාබදු සැරයන්වරුන් වන 842 නජිත්සිං , 846 කුමාරසිරි , සුරාබදු කෝප්‍රල්වරුන් 779 සුරංග , 825 මංජුල , 995 සාලිත , සුරාබදු නියාමකවරුන් වන 1110 කමල් ,1200 බණ්ඩාර , 1210 මින්තක , සුරාබදු රියදුරන් වන ධනුෂ්ක සංජීව , ධනුෂ්ක චන්ද්‍රසිරි යන නිලධාරීහු මීගමවු සුරාබදු සුරාබදු පරීක්ෂක පිලපිටිය සමග මීගමුව සුරාබදු නිලධාරීන් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.