Spread the love


අද දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පෙළපාලි පැවැත්වෙන ගමන්කරන මාර්ග හා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් අද දින දහවල් 12.00 සිට වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන් නියෝග කොට ඇත.
මෙම පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ගයන් සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථානයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති අතර ඇති අතර එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් හල් සම්බන්ධයෙන් මෙම නියෝගය බලපැවැත්වෙන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.