Spread the love

නිමල් රාජපක්ෂ –

දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි දැඩි දුෂ්කර තා මධ්‍යයේ ජීවිත පරදුවට තබා සිදු කොළ හෙරොයින් ඇතුළු මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් ‌නීතියේ රෑහැනට කොටුකර අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් හතළිස් ලක්ෂ තිස්දහසක දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංංශයේ ස්ථානාධිපති කේ.ඩී .සමත්ත ජානක මහතා පැවසුවේය.

මෙහිදි නිති විරෝධී මත්කුඩු ජාවාරමේ නිරත සැකකරුවන් 540 ක් දෙනෙකු කොටුකර ගෙන ඇති අතර එම සැකකරුවන් අතරේ කාන්තාවන් 34 දෙනෙකු සිටි බවද සමත්න ජානක මහතා පැවසුවේය.

දිවයින පුරා වැටලීමි සිදු කිරිමේදි ග්‍රෑම් 500 ට වැඩි හෙරොයින් ග්‍රහන තුනක් සිදු කල අතර වෙඩි තැබිමේ සිද්ධීයකට මුහුණ දීමට මෙම නිලධාරීන්ට මුහුණ පෑමට සිදුවී ඇත. ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් මත්කුඩු ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට සමත්වු මෙම නලධාරීන් පසුගිිය දා හාල් ලොරියක් තුල සගවා ගෙන ගිය තෙන්ඩු කොළ තොගයක් වේවැල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්වු බවද සමත් ජානක මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා ,

වීඩියෝව නරඹන්න ..