Spread the love


නිමල් රාජපක්ෂ

අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සුබ සාධන වියදම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සුබවාදී අයවැයක් 2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එම නිසා කඩා වැටුණු ආර්ථිකයක් ක්‍රමයෙන් ශක්තිමත් කර ගනිමින් ජනතාව සමග නැගී සිටීමට උත්සහ දරන අවස්ථාවේ ඉදිරි අයවැය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කිසිදු වුවමනාවක් නැහැ.

අසීරුතම අවස්ථාවේ දී පවා ජනතාවට සත්‍ය වසන් නොකිරීමේ සාධනීය ප්‍රතිඵල අද රටම භුක්ති විඳිමින් ඇති බවයි හෙතෙම අවධාරණය කළේ. අද (16) පැවැති මාධ්‍ය හමුවකට සියඹලාපිටිය මහතා එක්වු අවස්ථාවේදීය.