Spread the love

සුබ නැකැතින් රට අනුරට ලබා දී, ජනතාව අන්ත දුක්ඛිත, අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද වන විට ජනතාවගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් ඇන හිටීමට ලක්ව ඇති බවත්, බඩු මිල ද අහස උසට ගොස් ඇති බවයි මොනරාගල ප්‍රදේශයේ පැවති වැඩමුළුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

අදක්ෂ සහ නොහැකියාවෙන් පෙළෙන, සැලැස්මක් සහ කළමණාකාරීත්වයක් නොමැති, රට පාලනය කිරීමට වැඩපිළිවෙළක් නොමැති, වැඩ බැරි ආණ්ඩුවක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.