Spread the love


නිමල් රාජපක්ෂ –

සුපිරි මෝටර් රථයකින් නීති විරෝධි ලෙසප්‍රවාහනය කල තෙන්ඩු කොල තොගයක් හාපිටිගම ප්‍රදේශයේදි කොටුකරගෙන රුපියල් ලක්ෂ 10 ක් වටිනා තෙන්ඩු කොල තොගයක් සමගින් එක් සැකකරුවකු මීරිගම සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ තිබී තෙන්ඩු කොල කිලෝ සියයක් (100) සොයා ගත් බව මීරිගම සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ.ඒ.ඩී .යාපා මහතා පවසයි
බලපත්‍ර නොමැතිව සකස් කරන ලද තෙන්ඩු කොල තොගය ඉතා සුක්ෂම අයුරින් කිසිවකුට සැක නොසිතෙන අයුරින් මෝටර් රථයේ හසුරා තිබු බවද සුරාබදු නිලධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගය නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නිති ) චන්න වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අදාල සැකකරුට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී විරාජ් ජයසුරිය මහතාගේ අධික්ෂණය යටතේ , මීරිගම සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ.ඒ.ඩී .යාපා මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරික්ෂක කුමාරරත්ත , සැරයන් ලසන්ත , කොප්‍රල්වරුන්වන ජගත් , කපිල, අසේල , උපුල් , නියාමක දුලාන් , රියදුරු උපාලි යන නිලධාරීහු වැටලිම සිදු කළහ.