Spread the love

නිමල් රාජපක්ෂ-

රුපියල් විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුපෝගබෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරද්දි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට සැකකරු හා මෝටර් රථය පරික්ෂා කිරිමේදී මත්ද්‍රව්‍ය අලෙවි කල මුදලින් රුපියල් ලක්ෂ හතක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයා ගත් බව සුරාබදු ස්ථානාධිපති නන්දන පෙරේරා මහතා පවසයි.


සැකකරු කිසිවකුට සැක නොසිතෙන අයුරින් සුපෝගභෝගී මෝටර් රථයකින් කොළඹ අවට මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා රහසිගතව සරුවට කරගෙන ගොස් ඇතැයිද ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් අපරාධ උපුල් කුමාර මහතාගේ උපදෙස් ,මත සහකාර සුරාබදු කොමාසාරිස් රොහාන් විජේරත්න ,සුරාබදු අධිකාරී ජයන්ත සිල්වා යන ම හත්වරුන්ගේ අධික්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධන පුර සුරාබුද ස්ථානාධිපති නන්දන පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක මහවත්ත ,කෝප්‍රල් වරුන්වන රවීන්ද්‍ර පෙරේරා,නලින් ප්‍රියන්කර,චම්පික මානවඩු ,රියදුරු සුපුන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න