තංගල්ල – වීරකැටිය පාරේ ලැගුම් හලක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කල පිරිසක් ඊයේ (23) සවස මාතර අපරාධ කොට්ඨාස විමර්ශන අංශයේ නිළධාරින් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සූදු සෙල්ලම් කල පිරිස අතර සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමේන්තුවේ බෙලිඅත්ත කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු ද සිටි බව පොලිසිය පවසයි .
ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම සදහා එම පිරිස වීරකැටිය පොලිසියට බාර දී තිබේ .
වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි