සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්. අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්’ යයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ සීතාවක කෞතුකාගාරය පොදුජන අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
මෙම කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක වියදමින් හා නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිල්ලක ඉදිකර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
“පෞඩ ඉතිහාසයක තොරතුරු අනාගත පරම්පරාවට දායාද කරන ස්ථානයක් මේ කෞතුකාගාරය. ලොව ආක්‍රමණය කරන්න සවිය තිබූ බටහිර හමුදාවන් පරාජය කරපු මායාදුන්නේ හා සීතාවක රාජසිංහ රජවරු ලොව සොලවපු රාජ්‍ය නායකයෝ.
අපේ රටට පළමුව ආවේ ලන්දේසීන්. ඔවුන්ගේ නම් ගම් ටිකක් ගත්තා මිසක් භාෂාව ඉගෙන ගත්තේ නැහැ. ඊට පස්සේ පෘතුගීසින් ආවාම තරමක් භාෂාව ව්‍යාප්ත වෙලා නම් ගම් ටිකක් එකතු වුනා මිසක් ගැඹුරින් භාෂාව ඉගෙන ගත්තේ නැති නිසා ඒ භාෂාව ශ්‍රී ලංකාවෙන් මැකී ගියා.
ලෝකයේ පළවෙනි අධිරාජයා මෙල්ල කළ අය විදියට අපි ආඩම්බරයි. සුදු ආණ්ඩුව ආවේ පස්සේ. පළවෙනියට ආවේ පෘතුගීසීන්. සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්. අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්. ගංගාවල්, තොටුපොළවල් හරහා රටේ සොභාවික වස්තුව නිෂ්පාදනය ලෝකවාසීන් සමඟ ගනුදෙනු කරන්න අපේ ආදි ජනයා පියවර ගෙන තිබුණා. ඒවා සොයාගෙන ආ අය ඊටත් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට දැරූ උත්සාහය ව්ය්ර්ත කර අපේ නිදහස පිණිසයි මේ රණවිරු රාජ්‍ය නායකයින් දෙදෙනා සාර්ථකව සටන් කළේ. රණවීරත්වය පමණක් නෙවෙයි, උපාය, පාලන තන්ත්රයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පිවිසුණු ඒ ක්‍රියාවලිය පිළිබදව තවමත් අධ්‍යයනයක් කෙරිලා නැහැ. එදා ගැඹුරින් එවැනි අධ්‍යනයක් කරන්න අපට ඕනෑකම තිබුණේ නැහැ.
සිතාවක කියන්නේ අපේ රටේ ඉතිහාසය ගැන ආඩම්බර විය හැකි කාල පරිච්ඡේදවලින් එකක්. මේ කෞතුකාගාරය ඒ ආඩම්බරයේ කොටසක්. සීතාවක නගර සභාව ආඩම්බරයේ මාණික්‍ය පළදගන්න. ආඩම්බරයේ මාණික්‍ය මේ මහාචාර්යවරු ඔබට ගෙනත් දිලා තිබෙනවා.