Spread the love

සිවිල් යුද තත්වයක් ඇතිව තිබෙන සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.

තම රැකියා අහිමි වනු ඇතැයි බියෙන් එම පිරිස තවදුරටත් සුඩානයේ රැඳී සිටිමට කැමැත්ත පළ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

එරට සිටි ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකු මේ වන විට ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා සදහන් කළේය.