Spread the love

නිමල් රාජපක්ෂ-

බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කිරිමේ වරදට සීල් තැබු රටබීම හල් දෙකකට හා අවන් හලකට රුපියල් ලක්ෂ විස්සක සමථ ගාස්තුවක් අයකල බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
එහිදී දින දෙකක් මත්පැන් වැඩි මිලට අලෙවි කළ මොනරාගල රටබීම හලට රුපියල් ලක්ෂ දහයක්ද, බත්රමුල්ල රටබිම හලේ ස්ටිකර් නොමැති මත්පැන් අලෙවි කිරීමේ වරදට රුපියල් ලක්ෂ පහක්ද , පන්නිපිටිය අවන්හලක රාත්‍රී 12.00 වැසියයුතු වුවවත් අළුයම 2 දක්වා මත්පැන් පානය කිරීමට ට මත්පැන් අලෙවි කිරිමට විවෘතව තැබීමේ වරදට රුපියල් ලක්ෂ පහක සමථ ගාස්තුවක් ද අයකරගෙන තිබේ.
නව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා බලයට පත්වි සති දෙකක් අතුළත මෙම වැටලීම් සිදු කර තිබේ.
මීට අමතරව 2025 වසරේ සිට දිවයින පුරා ඇති සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක පහට හා සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයට බලපත්‍ර ස්ථාන වැටලීමට අනුමැතිය ලබා දෙන බවද පැවසුවේය.
අදාල බලපත්‍ර ස්ථානවලට අඩු මිම්මෙන් මත්පැන් මැන මත්පැන් අලෙවි කිරීම, බලපත්‍රය ප්‍රසිද්ධ නොකිරීම , වැඩිමිලට මත්පැන් අලෙවි කිරීම , බලපත්‍ර ලබා ගත් සේවකයින් අදාල ස්ථානවල සේවා නොකිරීම , නියමිත ස්ථානවලින් මත්පැන් රැගෙන නොතිබීම , ලොග් සටහන් පොත්වල එදිනදා මත්පැන් අලෙවිය හා අදායම් සටහන්නොකිරීම යන වැරදි සදහා මෙම සෝදිසි මෙහෙයුම් දියත් කෙරේ.
මෙවැනි වැරදි සිදු කරන කිසිදු බලපත්‍ර ලාභියකුට කිසිදු සමාවක් නොදෙන බවත් අදාල බලපත්‍ර ලාභියාගේ තරා තිරම නොබලා තීතිය ක්‍රියාවට නංවන බවද පැවසුවේය. නමුත් අදාල ස්ථාන වැටලීම් කිරිමේද සුරාබදු කොමසාරිස්වරයාගේ තමන්ගේ අනුමැතිතය ඇතිව යායුතු බවද උදය කුමාර පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.