Spread the love

නිමල් රාජපක්ෂ-

රටේ උග්‍ර සීනි හිඟයක් පැවතුනත් ප්ලේන්ටී එකේ මිල වැඩි කරන්නේ නැතැයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

සීනි සදහා පාලන මිලක් තිබියදීත් සීනි මිල මෙතරම් ඉහල ගොස් ඇත්තේ පාරිභෝගික සේවා අධිකාරියේ නොසැලකිලිමත්කම නිසා යැයි ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වන් ඒ මහතා පැවසුවේය.


වැඩි දුරටත් අදහස් දැක්වු රුක්ෂාන් මහතා , සීනි සඳහා රුපියල් 275 ක් ලෙස පාලන මිලක් නියම කලද සීනි සඳහා කිසිඳු වැටලීමක් පාරිභෝගික සේවා අධිකාරිය මේ දක්වා කර නොමැති නොමැත.

එමෙන්ම මහා පරිමාණයෙන් සීනි සඟවාගෙන සිටින ගබඩා පිළිබඳව තොරතුරු තමන් සතු තිබෙනවා.මේ සදහා වෙළඳ ඇමතිවරයාගේ මැදිහත්වීම මත වහා සීනි ආනයනය කර රට සතොස හා සමුපකාර හරහා පාලන මිලට නිකුත් කලහොත් සගවා තිබෙන සීනි දියවී යන බවත් ,පවතින සීනි හිගය නැතිකළ හැකි බවත් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු හර්ෂණ මහතා ,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න