Spread the love

සීදූව ප්‍රදේශයේ පසුගියදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදු කල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනාගෙන් පියාද අද (06) ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 28 වැනිදා එම වෙඩි ප්‍රහාරය එල්ල ව තිබූ අතර එම ප්‍රහාරයෙන් එක් පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙම වෙඩි තැබීම විදේශයක සිට මෙහෙයවා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ අදාළ පාර්ශ්වය විසින් වෙඩික්කරුවන්ට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ එම පවුලේ ව්‍යාපාරික පුත්‍රයා ඝාතනය කරන ලෙසය.

කෙසේ නමුත් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.