Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත මාමනදොල සීතල දොල රක්ෂිතය මේවන විට විවිධ ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතිබව ප්‍රදේශවාසී ජනතාව පවසයි.

එහි ඇති වටිනා දැව වර්ග විවිධ පුද්ගලයන් විසින් කපා තිබේ.

ඒ හේතුවෙන් එම රක්ෂිත වනාන්තරයෙන් ආරම්භ වන සීතල දොල සඳහා ද බලපෑම් එල්ලවෙමින් ඇතිබව ප්‍රදේශවාසී ජනතාව පවසයි.

දින කිහිපයක සිට පවතින වියළි කාලගුණ තත්වය තුළ ද සීතල දොලෙහි ජලමට්ටම සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

ඒ හේතුවෙන් සීතල දොලට ආවේණික මත්සයින්ගේ පැවැත්මට දැඩි බාධා මතුව තිබේ.

මේ අතර සීතලදොල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට රක්ෂිතය විනාශ කිරීමෙන් බලපෑම් එල්ලවිය හැකි බව දායකයන් පවසයි.

රක්ෂිතය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන් සඳහන් කර සිටින්නේ රක්ෂිතය රැකගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර යුතු බවයි.