Spread the love

තර්ජනය කරලා මත හදන්න කටයුතු කරනවා.

තමන්ට අවශ්‍ය දෙවල් කරගන්න බැරි වෙනකෙට ව්‍යාධි තත්ත්වයක් ඇතිවෙනවා. ෆේස්බුක් අවාම මේ ව්‍යාධි තත්ත්වයන් තියෙන සියලුදෙනාම ෆේස් බුක් එකට ආවා. ඉතින් දැන් අපිට පේන්නේ මුළු රටේම ඉන්නේ පිස්සෝ කියලයි. අද වෙනකොට සමාජ මාධ්‍ය මගින් පිස්සො ටිකක් වීරයෝ කරලා තියෙනවා.

අපිව හැමදාම දුප්පත් මානසිකත්වයෙන් තියන්න තමයි උත්සහ කරන්නේ. අපි එතනින් එහාට යන්න ඔනේ. අපිට අතේ සල්ලි නැති වුනත් අපි දුප්පත් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. ඒක මගෙන් පටන් ගන්න ඕනේ. මනස පෝසත් වෙනකොට ජීවන තත්ත්වය වර්ධණය කරගන්න පහසුවෙනවා.

දුප්පත් අයගෙත් පෝසත් අයගෙත් අතර වෙනසක් තියෙනවා. පෝසත් අය තමන්ට උවමනා දේ ගැන තමයි හිතන්නේ. දුප්පත් අය හිතන්නේ තමන්ට ආස දේ ගැනයි. ඉතින් අපි ආස දේවල් ගොඩක් කරන්න ගිහිල්ලා උවමනා දේ කරන්නේ නැහැ. ඒ නිසා අවසානයේදී අපිට අවශ්‍ය දේ කරන්න වෙන්නේ නැහැ. දියුණු වෙන්න උපදින තැන අවශ්‍ය නෑ. අපි හිතන්න ඕනේ අපිට අවශ්‍ය දේ ගැනයි. ඉතින් අපි මගෙන් පටන් ගන්න ඕනේ.

අපිට එක් ජල ඒකකයකින් සෑහෙන්න වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපි ටවුමට ගියාම වතුර බෝතලයක් ගන්න විශාල මුදලක් වැයකරනවා. හැබැයි ඒ ගැන කිසිම ආකාරයකින් සලකන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී වතුර බිල පොඩ්ඩක් වැඩි වුනාම අපි ආණ්ඩුවට කෑගහනවා. මේවා සිදුවෙන්නේ අපේ මානසිකත්වය නිසයි. අපි විනය හදාගන්නේ නැතිව කල්පනා කරන්නේ නැතිව හැම වෙලාවේම අපි කරපු වැරදි වලටත් 225ටත් බනිනවා.

ඒත් අපි අපේ ස්ව්‍යං විනයක් සහ මූල්‍ය විනයක් ඇති කරගත්තොත් අපිට දියුණු වෙන්න පුළුවන්. අපි කාටවත් බැනලා වැඩක් නැහැ. අපි අනාගතයට යන්න මනසින් සූදානම් වෙලා තියෙන්න ඕනේ. එතනට යන්න අපේ මනස වෙනස් කරගන්න ඕනේ.

හැම ශිෂ්ඨාචාරයක්ම පටන් ගත්තේ තැනිතලා වලයි. ඒත් අපේ ශිෂ්ඨාචාරය පටන් ගත්තේ කදු වල. අවසානයේ අනුරාධපුරයේ මහා විශාල නගරයක් හදනවා. සුවිශේෂී වාරි කාර්මානත්යක් හැදුවා. ඒ තරම් ශක්තිමත් මිනිසුන් අපිට හිටියා.

සීගිරියේ රන්මසු උයන තියෙනවා. එතන රන් වලින් ගණුදෙනු කරපු තැනක්. පසුව ඒක රත්තරන් මසුන් හිටියා කියලා ඉතිහාසය වෙනස් කළා.

කැපත් පවුර කුරුටු ගීත ලියලා විනාශ කළේ කාශ්‍යපව විනාස කරන්නයි. අපිට ඉගැන්නුවේ කාශ්‍යපව තාත්තාව මරුවා කියලයි. ඒත් කාශ්‍යප සීගිරිය නිර්මාණය කරන්න වාරි තාක්ෂණය භාවිතා කළේ නැද්ද? එහෙනම් කාශ්‍යප තාත්තා ජලය පෙන්වුවාම කොප් වුනා කියලා හිතන්න පුළුනන්ද? රටට විදේශ විනිමය ගෙනාපු අදටත් විදේශ විනිමය එන සීගිරිය නිර්මානය කළ කාශ්‍යපව ඉතිසාහය විසින් පිතෘ ඝාතකයෙක් කළා. අදටත් රට වෙනුවෙන් දෙයක් කරන අයට මඩ ගහනවා.

නිශ්ශංක මල්ල වැඩක් කරන්නේ නැතිව සෙල්ලිපි විතරයි ලිව්වේ. එහෙම ලියන්නේ කයියනායකයින් විතරයි. අදටත් එහෙම අය ඉන්නවා. අපි වැටෙන්න පටන්ගත්තට පස්සේ අවසානයේදී දළදාව හංගලා එළියට ආවේ රෙද්ද අස්සේ මහත්වරු විදිහටයි.

ඉතින් රෙද්ද අස්සේ මහත්වරු, 88/89 කාලයේදී මිනිස්සු මරපු එක ඉල් මහ කියලා සමරන්න හොදයි ඒත් නිදහස සමරන එක වැරදියි කියනවා. කිසිම අවස්ථාවක බස්, ගෙවල්, පිච්චුවාම විනාශ වුන සල්ලි ගැන කවුරුවත් කතා කළේ නැහැ.ජාතික උත්සව සමරන්න එපා කියලා කියන්නේ ජාතික හැඟීමක් නැති පිරිසයි.

කාශ්‍යප වගේ රජෙක් රටට ඩොලර් ගේන රජෙක් අපිට අදත් ඉන්නවා. කාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපි වල ලියපුවා පුස්කොල පොත් වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල් කරනය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා.

ඒ තමයි වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එහිදී ඔබට තිබෙනවා ආණ්ඩුව උදව් කළාද අරයා උදව් කලාද කියලා හිතන්නේ නැතිව ඔබෙන් පටන් ගන්න.

ඔබ ව්‍යාපාර ටික පටන් ගන්න. එහිදී ආගමත් සංස්කෘතියත් රැකගෙන සුද්දෙක්ට ඇවිත් බියර් එකක් බොන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇති කළයුතුයි. කොටු කරපු තැනින් පිටතට ගිහින් මගෙන් පටන් ගන්න.

අපිට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයන්න එදා කාශ්‍යප මානවම්ම වගේ අද රනිල් වික්‍රමසිංහ ඉන්නවා.ඒ නිසා අද ඔබ සියලුදෙනා මගෙන් පටන් ගන්න.