උත්සව සමයේ රියඅනතුරු අවම කිරීමේ අරමුනින් දුර ගමන් සේවා බස්රථවල සිවිලි ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් දියත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධවය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ.
එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා දුර ගමන් සේවා බස් රථවල සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කරන බවද පොලීසිය පවසයි.
එහිදී අපරික්ෂාකාරී රිය ධාවනය, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය, පදික මාරු මතින් වාහන ඉස්සර කිරීම සහ අධික වේගය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබේ.
පසුව ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එම බස් රථ නවත්වා සිදුකරන ලද රථවාහන වැරදි පිළිබඳව අදාළ රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනු ඇත.
තවද මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.