Spread the love

“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.