Spread the love

සීදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනය වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි හතලිස්පස් හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයා මිතුරෙකුගේ මලගෙදරකට සහභාගී වී සිටි අවස්ථාවකදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදු වූ එකක් බවයි වාර්තා වන්නේ.

සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.