Spread the love

ඉන්දිය සහ ශ්‍රී ලංකා සමාගම් 02 බද්ද ව්‍යාපෘතියක් සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය සතු සියලු ගොවිපළ බදු පදනම යටතේ ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ 32 අක්කර 32000ක් බදු පදනම යටතේ ලබාදීමට නියමිතයි.

ඒවායේ සතුන් සහ ඉඩම්වල වටිනාකම් තක්සේරු කිරීම මේවන විට සිදු කෙරෙන බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

බදු පදනම මත ලබා දෙන ගොවිපළ නිරීක්ෂණය සදහා පසුගියදා ඉන්දියාවේ අමුල් සමාගමේ නියෝජිතයන් පිරිසක් පැමිණි බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් මහතා පැවසීය.