Spread the love

මිලියන දෙකක ජනතාවට ඉඩම් හිමිකම් ලබා දීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට පෙර හිමිකම් ඇති බවට ලියාපදිංචි සහතිකයක් පිරිනමන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දැනට ඔවුන් භුක්ති විඳිමින් සිටින ඉඩම්වල නිරවුල්භාවය, මැනීම් කටයුතු සිදු කර තිබීම වැනි නිර්ණායක මත කාණ්ඩ පහක් යටතේ මෙම හිමිකම් හඳුනා ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙය ආසියාවේ ක්‍රියාත්මක දැවැන්තම ඉඩම් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන බව පවසන අමත්‍යවරයා සඳහන් කරන්නේ මිලියන දෙකක ජනතාවට ඉඩම් හිමිකම් ලබා දීම සින්නක්කර අයිතිය ලබා දීම රජයේ අපේක්ෂාව බවයි.

මේ අතර වතුකරයේ ජනතාවට ද ඉඩම් අයිතිය ලබා දීම නාම් 200 වැඩසටහන යටතේ ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පවසයි. දැනට වතුවල සේවය කරන ලක්ෂයකට අධික ජනතාවට සේම වතුවල පදිංචිව සිටිමින් වෙනත් රැකියාවන්වල නිරත පිරිසට ද මෙමගින් සෙත සැලසෙයි. නාගරික නිවාස 50,000ක් ලබා දීමේ වැඩසටහන ද දැන් ක්‍රියාත්මකය.
රුවන්වැල්ල රාජසිංහ ප්‍රාථමික විදුහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.