Spread the love

නාගොඩ-සුමන

අද (26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයකම පැය 02ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා පවසයි.

ඒ සඳහා වන චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව පැවසුවේය.
මේ අතර ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානම් ප්‍රදේශවල රෝග නිවාරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥා වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37209 ක් මෙරටින් හඳුනා ගෙන තිබේ.

ඉන් රෝගීන් 18420 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව වැඩිදුරටත් අධ්‍යක්ෂවරයා පවසයි.