Spread the love

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුකර තිබේ.

අද (18) පස්වරු 3.30 සිට හෙට (19) පස්වරු 3.30 තෙක් එම නිවේදනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශයේ ම පවතී.

ඉදිරි පැය 24 තුළ දී එය බටහිර දෙසට එනම් නිරිතදිග බෙංගාලබොක්ක දෙසට තවදුරටත් සෙමින් ගමන් කිරීමට ඉඩ ඇත.

ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 පමණ දක්වා වැඩි වියහැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එබැවින් ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.