Spread the love

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය 10%ක් දක්වා පොලි අනුපාත ලබන සැප්තැම්බර් මාසයේ සිට වැඩි කොට ලබා දීමට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2% සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

වයස අවුරුදු 60ට වැඩි සිය ගිණුමේ රුපියල් මිලියනය දක්වා මුදල් තැන්පතු පවතින, මාසිකව සිය පොලී මුදල ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මෙම ප්‍රතිලාභය හිමි වන බවයි. මීට පෙර රජය ලබා දුන් විවිධ පොලී සහනවලට අදාළව රුපියල් බිලියන 88ක පමණ මුදලක් තව දුරටත් රජය විසින් බැංකුවෙත ගෙවීමට ඇති තත්ත්වයක් තුළ පවා ජනාධිපතිවරයා මෙම පියවර ගනු ලැබුවේ පොලී මුදලෙන් මාසිකව ජීවිත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීමට සානුකම්පිත ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට මෙම සහනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි වෙයි.