Spread the love

නාගොඩ- සුමන

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ සේවකයෙකුට සහ සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පැවසීය.

එම විශේෂඥ වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුව භාරව කටයුතු කරයි.

සැකකරු අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

එය සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා එම රෝහල වෙතගොස් වෛද්‍යවරයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කිරීම සිදුවිය.

කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ දෙදෙනාට පහර දෙන අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා බීමතින් සිට තිබේ.