Spread the love

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක් පමණ ප්‍රමාදවී ඇති බවත් පවතින තත්ත්වය මත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් ගියහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

විභාග දෙපාර්තමේන්තුවට විභාගයක් පැවැත්වීමේ කටයුතු සඳහා මාස තුනක පමණ කාලයක් අවශ්‍ය බවත් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුවරුන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසඳුම් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.