Spread the love

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35  දෙනෙකු ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් වහා ක්‍රියාත්මක වී ඊයේ ද (01) සවස බේරා ගැනීමට සමත්වී ඇත.

කොලොන්නාව ප්‍රදේශයේ සිට නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ දේශීය සංචාරකයින් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සිද්ධියට මුහුණ දී ඇති බව යුද හමුදාව පවසයි

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵල මත හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය