Spread the love

රජිව්ගාන්ධි ඝාතනයට සම්බන්ධ ඉන්දීය අධිකරණය මගින් නිදහස් කර ඇති සාන්තන් නැමැත්තා කඩිනමින් ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඉන්දීය හිටපු අගමැති රජිව්ගාන්දි මහතාගේ ඝාතනයට සම්බන්ධ සාන්තන් නැමැති අයගේ මව ඇතුලු ඥාතින් පසුගිය දා යාපනයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වීය. ඉන්දීය රජයේ අත්අඩංගුවට හසු ව දැනට නිදහස් කර ඇති සාන්තන් නැමැති පුද්ගලයා ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස
ඔහුගේ මව සහ සහෝදරයන් විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවේ ඉල්ලා සිටින ලදි. මෙහිදි සාන්තන් නැමැති පුද්ගලයාගේ මව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, තම පුතා ඉන්දීය අධිකරණය මගින් නිදහස්කර ඇති අතර දැනට ඔහු රෝගි තත්වයක් නිසා ඉන්දීය රෝහලකට ඇතුලත් කර සිටින බවත්, තම දරුවා මෙරටට ගෙන්වා ගැනීමට තරම් තමන්ට ආර්ථික පහසුකම් නොමැති අතර අමාත්‍යතුමා මැදිහත් වී ඔහුව තම රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උපකාර කරදෙන
ලෙසයි.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, සාන්තන් නැමැති පුද්ගලයාට ඉන්දීය අධිකරණය මගින් නිදහස ලැබී ඇති බව වාර්තා වුවද ඔහුව ලංකාවට ගෙන ඒම සදහා ඇති හැකියාව පිළිබදව අදාළ පාර්ශව සමග සාකච්ඡාකර කඩිනම් පියවර ගන්නා බව පැවසීය.