නිමල් රාජපක්ෂ-
ස්වස්ථි සංස්කෘතික කලා සංගමය නිත්‍යාණුකූලව ලියාපදිංචි කොට විශාල සේවාවක් ගෝනහේන ගමට ඉටු කරන බැවින් දුවා දරුවන් සියළු දෙනාම මෙම කලා සංගමයට යොමු කිරීමෙන් ඹවුන්ගේ කුසලතාවයන් වර්ධනය කර ගත හැකි බව මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී අචිනි දිසානායක මහත්මිය පැවසුවාය.

සංස්කෘතික කලා සංගමයක් විදිහට ලියාපදිංචි කොට චිත්‍ර , නැටුම්, සංගිතය පැවැත්වීමෙන් ගමේ තරුණ මහලු කාටත් මහගු සේවයක් වනු ඇත.

දෙමාපියන්ට දරුවන්ට මොන බාධක ආවත් ඹබේ දරුවා ස්වස්ථි කලා සංගමයට යොමු කිරිමට පසුබට නොවන්න , ස්වස්ථි සංස්කෘතික කලා සංගමයේ නිර්මාතෘ නොහොත් සභාපති මේ ගන්න උත්සහය අගය කර එතුමාට කලා විභූෂණ සම්මානය පසුගියදා පිදුවා .

අද කලා සංගමයට වසර දෙකක් ලබනවා විශ්ව විද්‍යාලයට යතතුර මේ කලා සංගමය ට දරුවන් යොමුවී ඉන්න . ඹබේ හැකියාවන් සුවිශේෂයි .ගුරුවරුත් සුවිශේෂයි. රට වෙනුවෙන් යමක් කලා කියන්න මේ ගමේ ඉන්න සියළු දෙනාත් සුවිශේෂයි. අද දෙවර්ෂ පුර්ණව පැවැත්වෙන ස්වස්ථික සංස්කෘතික කලා සංගමයේ නැටුම් ගැයුම් වැයුම් සදහා ඉදිරි පත්වු දුවා දරුවන්ට සහතික පත් සකස්කොට පිරි නැමීමට ඉදිරිපත්වු කැළණිය ජයහඩ සංස්කෘතික කලා සංසදය මේ මොහොතේ ඉතා අගය කොට සැලකිය යුතුයි.

ජයහඩ රේඩියෝ සහ සංස්කෘතික කලා සංසදයේ ප්‍රධාන ලේකම් බණ්ඩාර රාජපක්ෂ මහතාගේ නොමද සහයෝගය මත මේ මෙහොතේ ලබා දෙන සහතික පත ඹබේ ඉදිරි අනාගතයට මහගු දායාදයක් වනු නොඅනුමාන යැයිද අචිනි දිසානායක මහත්මිය පැවසුවාය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න
.”නොම වෙමු වෙනත් දරුවෝ අපි වෙමු කලා කරුවෝ” යන තේමාව යටතේ දෙවර්ෂ පුර්ණ කලා උළෙළ පැවැත්වීමට ස්වස්ථි සංස්කෘතික කලා සංගමයේ සභාපති උපාලි රංජිත් යාපා මහතා කටයුතු කළේය. ගෝනහේන නම් සිය ගම් පියසේ යහගුණ පිරි දුවා දරුවන් පිරිසක් සමාජගත කිරීම ඹහුගේ එකම ප්‍රාර්ථනාවයි.

එය පෙරදැරි කරගෙන කලාවට සිය ජිවිකාව කැපකරන උපාලි රංජිත් යාපා මහතා දෙවර්ෂ පුර්ණ කලා උළෙල පැවැත්වුවාක් මෙන් , ඉදිරියටත් ගෝනහේන ගම්පියසේ බාලමහළු සමගේ දැස් පෑදීමට සිය හද පත්ලෙන්ම කටයුතු කරන බවද පැවසීමට අමතක නොකළේය.
ස්වස්ථි සංස්කෘතික කලා සංගමය දිනෙන් දින දියුණුවට පත්වේවා.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න