Spread the love

අද පස්වරු 1.00 න් පමණ පසු දිවයිනේ පළාත් බොහෝමයක තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි..