Spread the love

සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මැයි මාසයේ සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

සරම්ප යනු ”මෝබිලි වෛරස්” ගණයට අයත් ”පැරාමික්සෝ වෛරසය” මගින් වේගයෙන් බෝවන රෝගයක් වන අතර ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීරගතවී සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවීම සිදුවන බවයි සඳහන් වන්නේ.

එහි මූලික ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සරම්ප රෝගය වැළඳුනු පසු විවිධ සංකූලතා මතුවිය හැකි බවත් එය නියුමෝනියා තත්ත්වයකට, කන් බිහිරිවීම, මොළයට හානිවීම හෝ මරණයෙන්ද කෙළවරවිය හැකි බවයි වෛද්‍යවරු පවසයති.

2024 ජනවාරි 6 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි මාස 6-9 ළදරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.