Spread the love

සබරගමුව දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘති දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොරියාවේ සයිමෝල් පදනමට ස්තුතිය පුද කළේය. “මෙම ප්‍රයත්නයන් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා අපගේ ගම්වාසීන්ගේ ගමන වේගවත් කිරීමට සමත් වී ඇත” යි, ඔහු පැවසීය.

සයිමෝල් පදනමේ සභාපති ලී සුන්ග් ජොන්ග් (Lee Seung Jong), ග්යොන් සැන්ග්බක්ඩෝ පළාතේ ආණ්ඩුකාර, කොරියානු ආධාර සපයන ආයතනයේ ප්‍රධානි මෙන්ම Gyambuk , චිත්‍ර හා සංස්කෘතික පදනමේ සභාපති කෝ යම් චෝල් සහ එම පදනම් හී ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවිය.

සයිමෝල් සභාපතිවරයා පැවසුවේ Saemaul Undong සඳහා වන ගෝලීය උනන්දුව සහ විදෙස් සංවර්ධන අනුග්‍රහයන් සැපයීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට ග්‍රාමීය සංවර්ධනය සඳහා ආධාර ලබාදීමට කොරියානු රජය දක්වන උනන්දුව මත පදනම්ව, ශ්‍රී ලංකාවට ලබාදෙන සිය සහයෝගය පුළුල් කර ඇති බවයි.