Spread the love

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙම තීරණය ගෙන ඇති බව නිවේදනය කළා.

නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ද,ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ද,ලංකා සුදු ඩීසල් 35කින්ද,ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ද,භූමිතෙල් මිල රුපියල් 5කින් ද, ඉහළ දමනු ලැබුවා.