Spread the love

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ​පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, මෙතෙක් සැකකරුවන් කවුරුන්ද යන්න තවම හඳුනාගෙන නොමැති බවයි.

ඒ අනුව මෙය සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත සිදුවූ දෙයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.